Thursday, April 25, 2024

General line - 0115112241

වසර 10 ක දී 11 සිට 05 ට උසස් වූ අන්දම ගැන ඉන්දීය මුදල් ඇමතිනියගෙන් හෙළිදරව්වක්




ලොව විශාලතම ආර්ථිකයන් අතර 11 වන ස්ථානයේ සිට දශකයක්  වැනි කාලයක් තුළ 05 වන ස්ථානය දක්වා පැමිණීම ජයග්‍රහණයක්ම පමණක් නොවන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පවසනවා.

ඉන්දීය ජනතාවට එහි ගෞරවය හිමිවිය යුතු බවයි ඇය සදහන් කළේ.

සම්මාන ප්‍රධානෝත්සවයකට එක්වෙමින් ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ මුදල් අමාත්‍යවරිය පැවසුවේ වසර 10 ක් පුරා පැමිණි ගමනේදී මුහුණ පෑමට සිදුවූ කොරෝනා වෛරසය හමුවේ සියලු දේ එකතැන නතර වූ බවයි.

එම වසංගතයෙන් පසු යථාතත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සෑමවිටම ගැටලු පවතින නමුත් සත්‍යය වන්නේ විශාල ආර්ථික අතරින් වේගයෙන් වර්ධනය වන ආර්ථිකය ලෙස ඉන්දීය ආර්ථිකය රදවා තබා ගැනීම බව ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය සදහන් කළා.

එමෙන්ම රටේ ජයග්‍රහණ සම්බන්ධයෙන් ඍණාත්මකව කටයුතු නොකළ යුතු බව ද ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළා.

තමන් රට වෙනුවෙන් සිදු කර ඇත්තේ මොනවාද යන්න සිතා බැලීමට කාලය එළඹ ඇති බවයි ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

එහිදී සේවයක් කළ නොහැකි නම් රටට අගෞරව නොකරන ලෙසත් විෂ පතුරුවා නොහරින ලෙසත් ඉන්දීය මුදල් අමාත්‍යවරිය එහිදී ඉල්ලීමක් ද කළා.