Saturday, April 20, 2024

General line - 0115112241

එලිසබෙත් රැජින බකින්හැම් මාලිගයට සමුදෙයි




අභාවප්‍රාප්ත 2 වන එලිසබෙත් රැජිනගේ දේහය  බකින්හැම් මාලිගයෙන් ලන්ඩනයේ වෙස් මිනිස්ටර් ශාලාව වෙත රැගෙන යාමට නියමිතයි. ලබන සදුදා වන තෙක් රැජනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇති. 

රැජිනගේ දේහය බකින්හැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ගොඩනැගිල්ල දක්වා රැගෙන යන අවස්ථාව දැක බලා ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් මග දෙපස එක්රැස් වී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එලිසබෙත් රැජිනගේ දේහය වෙස්ට් මිනිස්ටර් ගොඩනැගිල්ල වෙත රැගෙන යන අවස්ථාව ඩයනා කුමරියගේ අවමංගල්‍ය උත්සවය සිහි කරනු ඇති බවයි විචාරකයන් පවසන්නේ. 

ඊට හේතුව වන්නේ ඩයනා කුමරියගේ දේහය රැගෙන ගිය රියට පිටුපසින් චාල්ස් කුමරු, විලියම් කුමරු හා හැරී කුමරු ගමන් ගත් අතර ඒ හා සමානව ඔවුන් තිදෙනා අද දිනයේත් එලිසබෙත් රැජිනගේ දේහය පිටුපසින් ගමන් කිරීමට නියමිතයි . 

සිදුව ඇති වෙනස වන්නේ චාල්ස් කුමරු 3 වන චාල්ස් ලෙස බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්ව සිටීම හා විලියම් කුමරු බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරා බවට පත්ව තිබීමයි. 

ඉකුත් කාලය පුරා පැවැති මතගැටුම් වලින් අනතුරුව හැරී කුමරු යළිත් සිය පියා සහ සොහොයුරා සමග එක්වන එම අවස්ථාව විදෙස් මාධ්‍යවේදීන්ට සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.