Friday, March 29, 2024

General line - 0115112241

පැරදුනත් දිනුව වෙලාවේ නිලූකගේ ඡායාරූප




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බැඩ්මින්ටන් කේවල මූලික වටයේ තරගයකින් ජයක් වාර්තා කිරීමට නිලූක කරුණාරත්න අද (15) අලුයම සමත් වුණා. ඒ පෝලන්තයේ අද්‍රියන් සියොල්කෝ වට දෙකට බින්දුවක් ලෙෂ පරාජය කරමින්.

ලකුණු සටහන දැක්වුණේ 21ට 19ක් සහ 24 ට 22ක් ලෙසයි. ලෝක බැඩ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම්වල 93 වන ස්ථානය පසුවන නිලූක කරුණාරත්න මෙහිදී කේවල ශ්‍රේණිගත කිරීම්වල 58 වැනි ස්ථානයේ පසුවන පෝලන්ත කී‍්‍රඩකයෙක් පරාජයට පත් කිරීම කැපී පෙනෙනවා. මේ එම ජයග්‍රහනයෙන් පසුව නිලූක එහි සතුට සැමරූ ආකාරයයි.

නිලූක පළමු වටයේදී ලෝක බැඞ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයේ පසුවන චීන ක‍්‍රීඩකයා හමුවේ පරාජයට පත් වුණා.

දෙවන තරගයේදී නිලූකට නිතරග ජයක් හිමි වුණේ ගෝතමාලා කී‍්‍රඩකයා එම තරගයට සහභාගි නොවීම හේතුවෙන්.

කෙසේ වෙතත් පී කාණ්ඩයෙන් තරග වැදුනු නිලූක කරුණාරත්නට මෙවර රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලේ බැඞ්මින්ටන් කේවල ඉසව්වේ දක්ෂතම කී‍්‍රඩකයින් 16දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

Niluka (1) Niluka (2) Niluka (3) Niluka (4) Niluka (5) Niluka (6) Niluka (7) Niluka (8) Niluka (9) Niluka (10) Niluka (11)

(ඡායාරූප – ප්‍රසන්න අධිකාරි)