Thursday, April 25, 2024

General line - 0115112241

චීනයේ වසා දමා ඇති නගර ආහාර හා ඖෂධ අර්බුදයක




කොරෝනා රෙගුලාසි යටතේ වසා දමා ඇති චීනයේ නගර රැසක නගරවාසීන් ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකට මුහුණ පා සිටින බව වාර්තාවනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ට චෝදනා කිරීම සදහා නගර වැසියන් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින බවයි.

චීනයේ නගර කලාප 30 ක පමණ වෙසෙන මිලියන ගණනක පිරිසක් මේ වනවිට දැඩි කොරෝනා රෙගුලාසිවලට යටත්ව සිටින බව සදහන්.

එහිදී වසා දමා ඇති ප්‍රදේශවලින් වැඩිම බලපෑම් එල්ල වි ඇති ප්‍රදේශ අතර සිජියෑන් පළාත ද වනවා.

සිජියෑන් වැසියන් පවසන්නේ දින ගනනාවක සිට තිරිගු පිටි, සහල් සහ බිත්තර හිගයකට මුහුන පා සිටින බවයි.

එමෙන්ම සිජියෑන් පලාතේ දරුවන්ට දින ගණනාවක සිට කිරිපිටි ලැබි නොමැති බව ද සදහන්.

සිජියෑන් පලාතට අයත් lli kazakh කලාපයේ කසකස්තානයට මායිම්ව පවතින ප්‍රදේශය තුළ සිටින ජනතාව කොරෝනා සීමා හේතුවෙන් දැඩි අපහසුතාවලට මුහුන පා සිටින බවයි වාර්තා වන්නේ. 

එම වැසියන් ආහාර හා ඖෂධ ඇතුලු අවශ්‍යතා සපුරා ගැනීම සදහා සමාජ මාධ්‍ය හරහා සහය ඉල්ලා සිටින  බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම ප්‍රදේශයේ වෙසෙන උයිගර් සුලු ජන කොටසට අයත් පවුල් වල දරුවන් දින 2 - 3 ක පමණ කාලයක් කුසගින්නේ සිටින බව ද සදහන්.

එම ප්‍රදේශවල කාන්තාවන් සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමැතිවීමෙන් දැඩි මානුෂීය ගැටලු වලට ද  මුහුන පා සිටින බව වාර්තාවනවා.

කොරෝනා රෙගුලාසි හේතුවෙන් වසා දමා ඇති චීනයේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල සිටින ගැබිණි මව්වරුන් වෛද්‍ය පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින බව ද සදහන්.

නගර වසා දැමීම හේතුවෙන් සිය ස්වාමිපුරුෂයින්ට රැකියා සදහා යාමට නොහැකිවීම හා දෛනික ජීවනෝපායන් අහිමි වීම ගැබිනි මව්වරුන් සිටින පවුල් මුහුන පා සිටින තවත් අර්බුදයක්.

කොරෝනා රෙගුලාසි යටතේ චීනයේ ඇතැම් නගර වසා දමා ඇත්තේ පූර්ව දැනුම් දීමකින් තොරවයි.

එවැනි නගරවල වෙසෙන ජනතාව ආහාර, ගෑස්, ඖෂධ හා වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා.