Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාවට රුසියාවෙන් අඛණ්ඩව තෙල්




ඉන්දියාවට තෙල් අපනයනය කිරීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බව ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් ඇලිපොව් පවසනවා.

ඒ අනුව දෙරට අතර වෙළදාම නව වාර්තා නිර්මාණය කරනු ඇති බවයි තානාපතිවරයා පැවසුවේ.

මෙම වසර අවසානයේදී බලශක්ති වෙලදපල කෙලෙස වේ දැයි කිසිවෙකු නොදන්නා බවයි ඉන්දියාවේ රුසියානු තානාපතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් බොරතෙල් වෙලදාම්  කටයුතු වලදී ඉන්දියාව සමග දිගුකාලීන විධිවිධාන සහ ගිවිසුම් මත පදනම්ව අඛණ්ඩ සාකච්ඡා  සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කර ගැනීම රුසියාවේ අපේක්ෂාව බව ද තානාපතිවරයා සදහන් කර තිබෙනවා.

රුසියාව, ඉන්දියාව වෙත සිදු කරන බොරතෙල් අපනයනය මේ වනවිට වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව හා අනෙක් වසරවලට සාපේක්ෂව එය 10 ගුණයක වර්ධනයක් බවයි ඉන්දියාවේ රුසියානු තානාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ සමස්ථ බොරතෙල් ආනයනයෙන් මේවනවිට සියයට 10 ක ප්‍රතිශතයක් සිදු කෙරෙන්නේ රුසියාවෙන්  බව ද ඔහු සදහන් කළා.

වසරේ අඩක කාලය තුලදී දෙරටේ තෙල් වෙලදාම අමෙරිකානු ඩොලර් බිලියන 11 යි දශම 5 ඉක්මවා ඇති බවත් පෙර වසරේදී එම අගය අමෙරිකානු ඩොලර් බිලියන 13 යි දශම 6 ක් බවත් ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් ඇලිපොව් ප්‍රකාශ කළා.

බලශක්ති ක්ෂ්‍රේත්‍රය තුළින් ඉන්දියාව සහ රුසියානු සිය සබදතා තවදුරටත් පුලුල් කර ගන්නා බව සහ එහි අනාගතය අතිශය සුබවාදී බවයි ඉන්දියාවේ රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.