Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික කාන්තාව, පැය 50ක් පෝලිමේ සිට මහරැජිනට පළමුවරට අවසන් ගෞරව දක්වයි




දෙවන එළිසෙබෙත් මහ රැජිණගේ දේහයට පළමු වරට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව උදා කරගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව පළමු වරට සිය අත්දැකීම් පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

56 හැවිරිදි වියේ පසුවූ හැරෝහි ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය වැනීසා නාගකුමාරන්. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එම කාන්තාව මේ වන විටත් බි්‍රතාන්‍යයේ ජීවත් වනවා.

වෙස්මිනිස්ටර් ශාලාවට ඇතුලුවී පළමු වරට දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව උදාකරගත් ඇය පළමු වරට සිය අත්දැකීම් පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ තමන්ට ඉතිහාසයට එක්වීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි.

මෙම අවස්ථාව උදාකර ගැනීම සඳහා තමන් පැය  50කට අධික කාලයක් අඛණ්ඩව පෝලිමේ රැඳී සිටි බව වැනීසා නාගකුමාරන් පවසා තිබෙනවා. තමා එතරම් කැපකිරීමක් සිදුකළේ රැජිණ සිදුකළ විශිෂ්ඨ සේවයට ස්තූතිය පළ කිරීමේ අරමුණින් බවයි ඇය පවසා ඇත්තේ. 

දෙවන එළිසෙබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තවදුරටත් ජනතාව පෙළ ගැසෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ජනතාවගේ පෝලිම කිලෝමීටර් 8කට ආසන්න බවයි. එය පැය 9 ක් තරම් දිගු පෝලිමක්.