Wednesday, September 28, 2022

General line - 0115112241

ආසියානු දැල් පන්දු ශූරියන්ට නාවික හමුදාවෙන් උසස්වීම්

461Views



 

 

 

ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් හට නාවික හමුදාවෙන් උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ, නාවික හමුදාවේ කීර්තිය ඉහළ නංවමින් රටට මහත් අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගය කරමින්.

ඒ අනුව එම ක්‍රීඩිකාවන් මෙතෙක් දැරූ නිළයට අනුව ඔවුන් ඊළඟ නිළය දක්වා උසස් කිරීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ. මීට අමතරව නාවික හමුදා ක්‍රීඩිකාවන් වෙත රුපියල් දෙලක්ෂ 50,000 ක මුදල් ත්‍යාග ද පිරිනමා තිබෙනවා. 

ආසියානු රටවල් 11 ක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේදී පැවති 12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟයෙන් සත්කාරක සිංගප්පූරුව ලකුණු 63 ට 53 ක් ලෙස පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතා කුසලානය අපරාජිතව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.