Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගැන මහේලගෙන් විශේෂ අනාවරණයක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැකි බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට වනිදු හසරංග පත් වනු ඇති බවයි. මහේල ජයවර්ධන මෙම අදහස් පළ කළේ, ICC නිල වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක සම්බන්ධයෙන් තමා ඉතාමත් සතුටු වන බවත් ඕස්ටේ්‍රලියානු තණතිලි වලදී ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක් ඇති බවත් මහේල මෙහිදී පවසා තිබෙනවා.

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වීමට නියමිතයි.