Saturday, April 20, 2024

General line - 0115112241

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ 08 වන තරගය අද පස්වරුවේ




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ 08 වන තරගය අද පස්වරුවේ ආරම්භ වනවා. ඒ, බංග්ලාදේශ් ලෙජන්ඩ්ස් සහ නිව් සීලන්ඩ් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි. බංග්ලාදේශ් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශහදාත් හොසේන් නායකත්වය ලබාදෙනවා. නිව් සීලන්ඩ් ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවන්නේ රෝස් ටේලර් විසින්. 

මෙම තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ඉංග්ලන්ඩ් ලෙජන්ඩ්ස් සහ වෙස්ට් ඉන්දීස් ලෙජන්ඩ්ස් කණාඩායම් අතර එම තරගය පැවැත්වෙනවා. 

මෙම තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග 02 ම ජයගෙන සිටින ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා. එහි දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.