Thursday, April 25, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ ප්‍රබලතම ආරක්ෂක මෙහෙයුම 19 වනදා




එංගලන්තයේ ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේවනවිටත් අතිවිශාල පිරිසක් පෝළිම්වල රැඳී සිටිනවා. සැතපුම් 05 ක දුරකට විහිදී ඇති පෝලිම් මේවනවිටත් උපරිම ධාරිතාවට ආසන්න වී ඇති බැවින් තවදුරටත් පෝළිම්වලට එක් නොවන ලෙසයි බ්‍රිතාන්‍යය බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ. 

මේ අතර දෙවන එලිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවය පැවැත්වෙන ලබන 19 වනදා ලන්ඩන් අගනුවර විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ද වාර්තා වනවා. බ්‍රිතාන්‍යය බුද්ධි අංශ, පොලීසිය සහ රහස් ඔත්තු සේවා ද එම ආරක්ෂක සැලසුමේදී ඒකාබද්ධව කටයුතු කරනු ඇති.

 ඊට හේතුව වී ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් රාජකීය අවමගුල් උත්සවයට සහභාගී වීමට නියමිතව තිබීමයි. එදින ලන්ඩන් නුවරට හත්ලක්ෂ 50,000 ක පමණ පිරිසක් එක්වනු ඇතැයි ද පැවසෙනවා. 

මේ අතර දෙවන එලිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවය පැවැත්වෙන ලබන සඳුදා ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා බ්‍රිතාන්‍යය දරණ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 7 යි දශම 5 ක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මීට පෙර බ්‍රිතාන්‍යය මැත කාලීනව එවැනි ඉහළ ආරක්ෂක වියදමක් දරා තිබූ උත්සව අවස්ථාව වුණේ විලියම් කුමරුගේ හා කේට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල උත්සවයයි. 

එහි පොලිස් ආරක්ෂාව වෙනුවෙන් වැය කර තිබූ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 7 යි දශම 2 ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.