Saturday, April 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිලට කඩුළු 03ක ජයක්




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුළු 3 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9 ක් දැවි ලකුණු 158 ක් රැස් කළා. එලයස් සනී පන්දු 29 කදි නොදැවී ලකුණු 32 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී කඩුළු 7 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. බ්‍රැඩ් හැඩින් පන්දු 37කදී නොදැවී ලකුණු 58 ක් රැස් කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගයි. ෂේන් වොට්සන් ලකුණු 35 යි.

උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ අවසන් පන්දු තුනේදී බ්‍රැඩ් හැඩින් පිට පිට හතරේ පහර 3 ක් එල්ල කරමින් ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය අත්කර දීමට සමත්වීම විශේෂත්වයක් වුණා.