Friday, March 29, 2024

General line - 0115112241

පන්සල්වල විදුලි ගැටළුව පාර්ලිමේන්තුවටත් - සහනාධාර නැහැ - සූර්යය පැනල විසඳුම බව විදුලිබල ඇමති කියයි




විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් දැඩි බලපෑමට ලක්වන ආගමික ස්ථාන 12,000 ක් පමණ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේවෙතත් එම ආගමික ස්ථාන සඳහා සහනාධාර ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

පවතින තත්ත්වය යටතේ වඩාත් සුදුසු වන්නේ අදාළ ආගමික ස්ථාන සඳහා සූර්යය විදුලිබල පද්ධති හඳුන්වාදීම බව ද අමාත්‍ය කංචන විජේසේකර එහිදී කියා සිටියා.  විහාරස්ථානවල විදුලිබිල ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම ප්‍රශ්නයක් යොමු කළේ මෙලෙසයි. 

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම ද ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. 

ආගමික සිද්ධස්ථාන සඳහා වාරික ක්‍රමයට සූර්යය පැනල ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවදානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ද එහිදී අදහස් පළ කළා.