Thursday, April 25, 2024

General line - 0115112241

චීනයේ රැකියා වියුක්තිය ඉහළට




පවතින ආර්ථික අර්බුදය හමුවේ චීනයේ රැකියා වියුක්තිය තවදුරටත් ඉහළ යමින් තිබෙනවා

එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යංශයේ දත්‍ත වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදී චීනයේ නාගරික විරැකියා අනුපාතය සියයට 5 යි දශම 3 ක් ලෙස පැවැති බවයි.

අගෝස්තු මාසයේදී චීනයේ අවුරුදු 16 ත් 24 ත් අතර වයස් සීමාවේ පසුවන තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය සියයට 18 යි දශම 7 ක් ලෙස පැවතුණා.

ජූලි මාසයේදී චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය පැවතුනේ සියයට 19 යි දශම 9 ක අගයකයි.

එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත වාර්තා වලට අනුව 2022 වසරේදී චීනයේ උපාධි සම්පූර්ණ කරන පිරිස මිලියන 10 යි දශම 7 යි 6 ක්.

එම උපාධිධාරීන් ද රැකියා වෙළදපොල අපේක්ෂා කරමින් සිටින බැවින් ඉදිරියේදී චීනයේ රැකියා වියුක්තිය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

චීනයේ නාගරික රැකියා වියුක්තිය අප්‍රේල් මාසයේදී දැක්වුනේ සියයට 6 යි දශම 1 ක් ලෙසයි.

එය මැයි මාසයේදී සියයට 5 යි දශම 9 ක් දක්වා වර්ධනය වූ අතර ජූනි මාසයේදී සියයට 5 යි දශම 5 ක් ලෙස පැවතුනා.