Thursday, April 18, 2024

General line - 0115112241

රටින් ගෙන්වන සහල් ගැනත් විශේෂ අධ්‍යනයක්




ඉදිරියේදී සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ නිසි අධ්‍යයනයකින් බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් ද පත් කර ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ඉකුත් මාස අට තුළ ආනයනය කෙරුණු සහල්වලින් වැඩි කොටසක් සත්ත්ව ආහාර සදහා භාවිත කර ඇති බවට නිරීක්ෂණය වූ බවයි වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කළේ.   

ආනයනික සහල් සම්බන්ධයෙන් ද ඉකුත් දිනවල දැඩි කතාබහක් මතුවුණා. ඒ, ආනයනික සහල් මිනිස් පරිභෝජනයට වඩා යෝග්‍ය වන්නේ සත්ත්ව ආහාර සඳහා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ප්‍රකාශයත් සමඟයි. ආනයනික සහල්වල ප්‍රමිතිය පිළිබඳ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.