Friday, March 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසල් විවෘත නොකිරීමට එරෙහිව දරුණු විරෝධයක්




තලෙයිබාන් පාලනය හමුවේ වසා දමා ඇති බාලිකා පාසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවැති මතවිමසුමකදී ඊට සහභාගී වු පිරිසෙන් සියයට 90 ක පමණ පිරිසක් පාසැල් යළි විවෘත කිරීම සඳහා සහය පළ කර තිබෙනවා. 

ඔන්ලයින් ක්‍රමය හරහා අදාළ මත විමසුම සිදුකර තිබුණේ ඇෆ්ගනිස්තානයේ TOLO news නම් මාධ්‍ය ආයතනයක් විසින්. 

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා පැවැති මත විමසුමේදී පරිශීලකයින් වෙත සිය මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පැය 24 ක කාලයක් ලබාදී තිබුණා. ඒ අනුව බාලිකා පාසැල් යළි විවෘත කිරීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඊට සහභාගී වූ පරිශීලකයින්ගෙන් සියයට 10 ක ප්‍රතිශතයක් පමණයි. 

ෆේස්බුක් හරහා පරිශීලකයින් 34,1000 ක් මත විමසුම වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති තිබුණා. 

එහිදී සියයට 89 යි දශම 7 ක ප්‍රතිශතයක් බාලිකා පාසැල් විවෘත කිරීමට සහය පළ කර තිබූ අතර පාසැල් විවෘත කිරීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සියයට 10 යි දශම 3 ක ප්‍රතිශතයක් පමණයි.

ඇෆ්ගනිස්තානයේ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ගෙන් සියයට 92 ක ප්‍රතිශතයක් අදාළ මත විමසුම සඳහා සහභාගී වී තිබෙනවා.

ඉන් සියයට 92 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ බාලිකා පාසැල් යළි විවෘත කළ යුතු බව පවසමින්. 

සියයට 5 ක ප්‍රතිශතයක් බාලිකා පාසැල් විවෘත කිරීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර තවත් සියයට 3 පිරිසක් පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිට තිබෙනවා. 

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් පවසන්නේ ඇෆ්ගනිස්ථාන පුරවැසියන් කිසිවෙකුත් අධ්‍යාපන ලැබීමේ අයිතියට සහ ගැහැණු ළමයින් පාසල්වලට සහභාගී වීමට විරුද්ධ නොමැති බවයි. 

මේ හමුවේ දැනට වසා දමා ඇති බාලිකා පාසැල් යළි විවෘත තරක ලෙස ඉල්ලමින් තලෙයිබාන් පාලනයට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

එහෙත් තලෙයිබාන් පාලනයේ අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර කියා සිටියේ සංස්කෘතිය සම්බන්ධයෙන් මතුවූ ගැටළු හමුවේ බාලිකා පාසල් වසා දැමූ බවයි.

ගැහැණු දරුවන් පාසැල් වෙත යොමු කිරීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විරුද්ධ බව ද තලෙයිබාන් පාලනය පවසා තිබෙනවා.