Wednesday, September 28, 2022

General line - 0115112241

බය නැතුව ත්‍රිපෝෂ කන්න - වගකීම අපි ගන්නවා - ත්‍රිපෝෂ සමාගම කියයි

245Views



 

 

 

රට තුළ බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අද අවධාරණය කළා. එහි සභාපති දීප්ති කුලරත්න සදහන් කළේ ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී නොමැති බවයි. 

මේ අතර කතාබහට ලක්වූ ත්‍රිපෝෂ සහ උග්‍ර විෂක් සහිත පිළිකාකාරක ඇෆ්ලටොක්සින් සම්බන්ධයෙන් අද දිනයේදීද පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා. මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.