Saturday, April 20, 2024

General line - 0115112241

නවක වදයෙන් පාර්ලිමේන්තුව උණුසුම්




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් පැවසුවේ දේශපාලන වුවමනාවන් මත නවක වදය විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට ඇතැම් දේශපාලඥයින් අකමැති බවයි.   

මේ ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාර්කර්. 

ඉන් අනතුරුව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකිර් මාර්කර් හා මහාචාර්ය චරිත හේරත් අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්. 

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් යළිත් මෙලෙස අදහස් පළ කළා.  

මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට රූපවාහිනී සංස්ථාවේ පඩි ගෙවීමට සහ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසනවා. තණ්හාව අධික නායකයින් පාර්ලිමේන්තුවට පැමිණීම මින් ඉදිරියට වැළකිය යුතු බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කළේ.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.