Thursday, April 25, 2024

General line - 0115112241

අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සදහා රජයෙන් මාසික දීමනාවක්




අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සදහා මාසිකව රුපියල් දසදහසක දීමනාවක් ලබාදෙන බව රජය පවසනවා. එම දීමනාව මාස හයක කාලයක් ලබාදීමට කටයුතු සකස් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඊට අමතරව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සිටින පවුල් සිටීනම් ඔවුන් සදහා රජය ක්‍රියාත්මක කරන මාපිය කැපකරු ක්‍රමය වැනි වැඩසටහන් ඔස්සේ අධ්‍යයනයක් සිදුකර ආහාර ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. 

මේ අතර ආහාර නොමැතිකමින් පෙළෙන පවුල් පිළිබදව තොරතුරු පාසල් ගුරුවරුන්ටද මැදිහත් වී අදාළ අංශ වෙත යොමු කළ හැකියි. එවැනි පවුල් සදහා ආධාර උපකාර කිරීමට කැමති හා හැකියාවක් සහිත අයට ද මේ සදහා සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ග්‍රාම නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ටද මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමේ අවස්ථාව පවතිනවා.