Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ පොත් ප්‍රදර්ශනය නරඹන්න දින 07ක් තුල ලක්ෂ 07ක ජනකායක් ඇවිත්




කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා මේ වන විට ලක්ෂ 7කට අධික පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද දිනයේ පැවැත්වෙන්නේ 08 වන දිනටයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග. 

අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහනට ද ඊයේ දිනයේ බොහෝ පිරිසක් අලුත් පොත් ලබාදීමෙන් දායක වුණා. ඊයේ දිනයේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි කිහිපදෙනෙකුද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.