Friday, April 26, 2024

General line - 0115112241

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දීර්ඝ කාලයක් සිටි ”බන්දුල” හස්ථියා මියයයි 




දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ”බන්දුල” නමැති හස්ථියා මියගොස් තිබෙනවා. ඒ, හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

සත්වෝද්‍යාන ආරංචිමාර්ග සඳහන් කළේ දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් අලියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිටත් එම සත්වයා මියගොස් සිට ඇති බවයි.

”බන්දුල” හස්ථියා යනු 1949 සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දීර්ඝ කාලයක් සිටි හස්ථියෙක්. හස්ථියා මියයන විට 79 වන වියේ පසු වුණා.