Wednesday, April 24, 2024

General line - 0115112241

දුෂ්කර පන්සල්වල විදුලි බිලට සහනයක් දෙන්න අවධානය




දුෂ්කර ප්‍රදේශවල පිහිටි වෙහෙර විහාරස්ථාවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් - සංවර්ධන වී.ජයකොඩි පැවසුවේ අදාළ විහාරස්ථාන ලැයිස්තුවක්ද මේ වන විට සකස් කරමින් ඇති බවයි.

අදාළ විහාරස්ථානවලට පෙර පරිදි විදුලි බිලට සහනයක් ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා. 

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ ඉදිරියේදී විහාරස්ථාන ඇතුලු ආගමික ස්ථාන සඳහා ණය ක්‍රමය යටතේ සූර්ය පැනල ලබාදීමට පියවර ගන්නා බවයි.