Wednesday, September 28, 2022

General line - 0115112241

විදුලි උත්පාදනයට ගෙනා බොරතෙල් බාල බව හෙළි වෙයි

332Views



 

 

 

මෙරටට ආනයනය කර ඇති, විදුලි උත්පාදනයට ද යොදා ගන්නා බොර තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ මෙම බාල වර්ගයේ බොරතෙල් මේ වන විට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

දෛනික විදුලි කප්පාදුව අද සිට ලබන 25 වනදා දක්වා පැය දෙකයි විනාඩි විස්සක් දක්වා දීර්ඝ කෙරුණා. ඒ, මෙතෙක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදු කාලය තවත් පැයකින් දීර්ඝ කරමින්. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම හා වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා ඉන්ධන නොමැති වීමයි.

බොර තෙල් මෙරටට ගෙන්වා ඇති පසුබිමක විදුලි උත්පාදන කටයුතු සදහා ඉන්ධන නොමැතිවූයේ කෙසේදැයි නෙත් නිවුස් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් විමසීමක් කළා.

මේ අතර විදුලි උත්පාදනයට අත්‍යවශ්‍ය ගල් අඟුරු ආනයනය ද මේ වන විට ඇත්තේ දැඩි අර්බුදයකයි. කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව ලබන මාසයේ සිට පැය 8 ත් 10 ත් අතර කාලයක් දක්වා දීර්ඝ වනු ඇති බවටයි දැනටමත් අනතුරු අඟවා ඇත්තේ. ගල් අඟුරු තොග ඇණවුම් කළ යුතු අවසන් දිනය අදයි.