Thursday, April 25, 2024

General line - 0115112241

නේපාල වැසියන්ට ඉන්දියාවෙන් විදුලිය




සීත ඍතුවේදී සිය රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට නේපාලය සූදානම් වනවා. එරට රාජ්‍ය විදුලි උපයෝගීතා ආයතනය පවසන්නේ මෙගාවොට් 350 ක් දක්වා ඉන්දියාවෙන් මිලදී ගැනීම අපේක්ෂාවෙන් පසුවන බවයි.

විදෙස් වාර්තා පැවසුවේ සීත ඍතුවේදී රට තුළ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා සිය ජල විදුලි උත්පාදනය ප්‍රමාණවත් නොවීම හමුවේ මෙලෙස ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට නේපාලයේ අවධානය යොමුව ඇති බවයි.

තරගකාරී ටෙන්ඩර් ක්‍රමයක් යටතේ දීර්ඝ කාලීන වශයෙන් ඉන්දියාවෙන් විදුලිය මිලට ගැනීමට නේපාලය සූදානම් වන පළමු අවස්ථාව මෙය බව ද නේපාල මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව නේපාලයේ විදුලි උපයෝගීතා ආයතනය මේවනවිට සැලුසම් කර ඇත්තේ එළඹෙන දෙසැම්බර් 01 වනදා සිට ලබන වසරේ මැයි 31 වනදා දක්වා මාස 06 ක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත ඉන්දියාවෙන් විදුලිය මිලදි ගැනීමටයි.

එම ගනුදෙනුව සිදුවුවහොත් එළඹෙන සීත ඍතුවේදී නේපාලයේ නිවාස ඉන්දීය විදුලි බලයෙන් ආලෝකමත් වනු ඇති බවයි නේපාල මාධ්‍ය පවසන්නේ.