Wednesday, September 28, 2022

General line - 0115112241

ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය ගැන උපුල් රෝහණ ගෙන් යලි ප්‍රකාශයක්

245Views



 

 

 

ගැබිනි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ තුළ ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා අඩංගුව තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද යළි ප්‍රකාශ කළා.

ඒ, ඇෆ්ලටොක්සීන් අඩංගුව තිබූ ත්‍රිපෝෂ මව්වරුන් අතට පත් නොවූ බවට ශ්‍රී ලංකා ත්‍රි පෝෂ සමාගම ඊයේ ප්‍රකාශ කර ඇති පසුබිමකයි. 

ඔහු මෙම අදහස් පළ කළේ ත්‍රී පෝෂවල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට පළමුවරට කළ අනාවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.