Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අදත් විශාල ජනතාවක්




කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා අද දිනයේ ද විශාල පිරිසක් පැමිණ සිටිනවා. අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහනට ද අද දිනයේත් බොහෝ පිරිසක් අලුත් පොත් ලබාදීමෙන් දායක වුණා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද දිනයේ පැවැත්වෙන්නේ 08 වන දිනටයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.