Saturday, April 20, 2024

General line - 0115112241

තෙවන විස්සයි 20 තරගයෙන් පාකිස්ථානයට ලකුණු 03ක තියුණු ජයක්




සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්  වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4 ක් දැවී ලකුණු 166 ක් රැස්කළා. මොහොමඩ් රිස්වාන් පන්දු 67කදී ලකුණු 88 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. නායක බාබර් අසාම් ලකුණු 36 යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 කදී සියළු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 163 ක් පමණයි. හැරී බෲක් පන්දු 29 කදී ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේදී හැරිස් රාවුෆ් ලකුණු 32 කට කඩුළු 3 ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 35කට කඩුළු 3 ක් බිද හෙළුවා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 7 කින් සමත් වන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට දෙකක් ලෙස මේ වනවිට සම තත්ත්වයක පවතිනවා.