Saturday, April 20, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි 20 තරගාවලියේ ජය ඉන්දියාවට 




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ රාත්‍රියේ පැවති 3 වන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුළු 6 කින් ජය ගනිමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 186 ක් රැස් කළා. 

ටිම් ඩේවිඩ් පන්දු 27කදි ලකුණු 54 ක් රැස් කළේ හතරේ පහර දෙකක් සහ හයේ පහර 4 ක් සමගයි. කැමරන් ග්‍රීන් පන්දු 21 කදි ලකුණු 52 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී අක්ෂාර් පටෙල් ලකුණු 33කට කඩුළු 3 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5කදි කඩුළු 4 ක් දැවී ලකුණු 187 ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා. සූර්ය කුමාර් යාදෙව් පන්දු 36කදි ලකුණු 69ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගයි. විරාත් කෝලි පන්දු 48කදි ලකුණු 63 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණා. 

තරගයේ වීරයා ලෙස සූර්ය කුමාර් යාදෙව් සම්මාන හිමිකරගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ අක්ෂාර් පටෙල්.