Thursday, April 25, 2024

General line - 0115112241

රුසියාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 13 දෙනෙකු මරුට




රුසියාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය පිරිස අතර පාසල් සිසුන් 7 දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ මධ්‍යම රුසියාවේ ඉෂෙව්ස් නගරයේ පාසලකයි. සිසුන් දහසකට ආසන්න පිරිසක් එම පාසලේ අධ්‍යාපනය ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ද එම ස්ථානයේදීම දිවිනසාගෙන ඇති බවත් ඔහු එම පාසලේම ආදි ශිෂ්‍යයෙකු බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන්.