Friday, March 29, 2024

General line - 0115112241

ඩොලර් හා රුපියල් අර්බුදයෙන් මිදෙන්න අනුරගෙන් යෝජනාවක්




සංචාරක කර්මාන්තය නගාසිටුවීමෙන් ඩොලර් අර්බුදයට මෙන්ම රුපියල් අර්බුදයට ද විසඳුම් ලබාගත හැකි බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සඳහා සංචාරක කර්මාන්තය, සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කළ යුතු බවයි කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මේ අතර රාත්‍රී ආර්ථිකයක් නොමැති කිසිඳු රටක් දියුණුවී නොමැති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. හඹරණ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.