Saturday, April 20, 2024

General line - 0115112241

ඇමෙරිකාවේ ජොන් එෆ් කෙනඩි ගුවන්තොටුපලේ වෙඩි බියක්




අමෙරිකාවේ නිව්යෝර්ක් හී ජොන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පර්යන්තයක වෙඩි තැබීමක් පිළිබඳ අනියත බියකින් දැඩි කලබලයක් හට ගත්තා. ඊයේ ( රාත්‍රී පර්යන්ත අංක 8 හි ඉති කාර්යබහුල මොහොතක මෙම කලබලකාරී තත්ත්වය හටගත් බවයි CNN ලෝක සේවය වාර්තා කළේ.

ජොන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාර්යය මණ්ඩලය ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ මොහොත වන විටත් ගුවන් මගීන් සිය ගමන් මළු හිස මත තබා ගෙන පර්යන්ත ගොඩනැගිල්ලේ බිම දිගා වී සිටියා.

වෙඩි හඬක් හෝ එවැනි වෙඩි තෑබීමකින් තුවාල ලැබූවකු පිළිබඳ කිසිඳු තොරතුරක් මේ වන තුරුත් අනාවරණ වී නැහැ. මගීන් සහ ගමන් මළු පවා යළි පරික්ෂාවකට ලක් කළත් වෙඩි ප්‍රහාරයක් පිළිබඳ කිසිවක් වාර්තා නොවන බවයි CNN ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් ගුවන් තොටුපල බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙය පොලිස් හදිසි ඇමතුම් අංශයකට ලැබුණු ඇමතුමක් බවට පැතිර ගිය කට කතාවක් හේතුවෙන් ගුවන් තොටුපළ තුළ අදාළ කලබලකාරී තත්ත්වය ඇති වූ බවටද සැකයක් පවතිනවා. බොහෝ ගුවන් මගීන් සිද්ධියෙන් පසුව ප්‍රකාශ කළේ වෙඩි හඬක් නොඇසුණු නමුත් වෙඩි තැබීමක් සිදුවෙමින් පවතින බවට කට කතාවක් නිසා තමන්ද ආරක්ෂා කාරී පියවර අනුගමනය කළ බවයි.

160814223847-jfk-terminal-8-passengers-1-exlarge-169 160815023314-jfk-terminal-evacuation-exlarge-169

සබැඳි පුවත්

තුර්කියේ ගුවන් තොටුපොළකට ප්‍රහාරයක්! 36ක් මරුට (PHOTOS/VIDEOS)