Wednesday, April 17, 2024

General line - 0115112241

කොදෙව් පිළ පැරදවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉන්දියාව සමග අද අවසන් සටනට




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 14 කින් ජය ගනිමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා. එහිදී ඉෂාන් ජයරත්න පන්දු 19 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 31 ක්. ඔහුගේ ඉනිම එක් හතරේ පහරකින් සහ හයේ පහර 02 කින් වර්ණවත් වුණා. පන්දු 19 කදී සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළා. ජීවන් මෙන්ඩිස් ලකුණු 25 යි. 

ජයග්‍රාහී ලකුණු 172 ක් රැස්කිරීම සඳහා පිටියට පැමිණී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුඵු 07 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණයි. නර්සින් ඩියෝනරීන් පන්දු 39 කදී ලකුණු 63 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සනත් ජයසූරිය සහ නුවන් කුලසේකර කඩුළු 02 බැගින් දවා ගත්තා. ඉසුරු උදාන, තිලකරත්ක ඩිල්ෂාන්, අසේල ගුණරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව තරගය ජය ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉන්දියාව සමග රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අද තරග වදිනු ඇති. තරගය රාත්‍රි 07 යි 30 ට රායිපූර්හිදී පැවැත්වීමට නියමිතයි.