Friday, March 29, 2024

General line - 0115112241

දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් එක්ව කැපවිය යුතු බව ජනපති කියයි




සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයින් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියාකරන යුගයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව ද සෙනෙහසින් රැක බලා ගැනීම ද යුතුකමක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. අදට යෙදී තිබෙන ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළා. 

මේ අතර අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් එෆ් එම් විශ්මලන්තය තවත් නොබෝ වේලාවකින් කළුතර විද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

දරුවන් වෙනුවෙන් විනෝදය සහ දැනුම රැගත් විශේෂ වැඩසටනක් රැසක් අද දිනය පුරා නෙත් එෆ් එම් විශ්මලන්තයේදී පැවැත්වෙනවා.