Friday, April 19, 2024

General line - 0115112241

නොරොච්චෝලේ විදුලි බලාගාරය ගැන දැනුම් දීමක් 




පසුගියදා කාර්මික දෝෂයකට ලක්වූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තුන්වන ඒකකයේ ගැටලුව මේ වන විට නිරාකරණය කොට අවසන් බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කලේ විදුලි බලාගාරයේ පළමුවෙනි සහ තෙවැනි ඒකකයන් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කර අවසන් බවයි.

එමෙන්ම දැනට මාස 03කට අධික කාලයක් නඩත්තු කටයුතු වලට ලක් කර සිටින නොරොච්චෝල විදුලි බලාගාරයේ දෙවන ඒකකයේ වැඩ මේ මස මැදදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.