Tuesday, April 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු ජය වාර්තා කරයි




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් පළමු තරගය ජය ගැනීමට ඉන්දීය  කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත්වුණා. ඒ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 150 ක් රැස් කළා. ජෙමීහා රොද්‍රිගූස් පන්දු 53 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 76 ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. පන්දු පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ කඩුළු 03 ක් දවා ගත්තා. 

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණයි. හසිනි පෙරේරා ලකුණු 30 යි. නායක චමරි අතපත්තු රැස් කළේ ලකුණු 05 ක් පමණයි. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේදීයි.