Saturday, April 20, 2024

General line - 0115112241

පදක්කම් සටහනේ චීනයට තැන අහිමි වෙයි




රියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ දින ගණනාවක් දෙවන ස්ථානයේ රැඳී සිටි චීනයට දැන් එම ස්ථානය අහිමි වී තිබෙනවා.

ඒ චීනය අභිබවමින් දෙවන ස්ථානය දිනා ගැනීමට බි‍්‍රතාන්‍ය මේ වන විට සමත්ව සිටීමත් සමගයි. කෙසේවෙතත් තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන්නේ රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 21ක් සහ ලෝකඩ පදක්කම් 22ක් දිනූ අමෙරිකාවයි.

බි‍්‍රතාන්‍ය සහ චීනය රන් පදක්කම් 15 බැගින් දිනා සිටිනවා. රන් පදක්කම් සංඛ්‍යාව සමවුවත් බි‍්‍රතාන්‍ය රිදී පදක්කම් 16ක් දිනා සිටීම හේතුවෙන් ඔවුන්ට පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමිව තිබෙනවා. චීනය දිනා ඇත්තේ රිදී පදක්කම් 13 ක් පමණයි.

02