Friday, March 29, 2024

General line - 0115112241

ඩීසල් මිල අඩු නොකළ හේතුව ඇමති කංචන හෙළි කරයි




ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් මිල අඩු කළද ඩීසල් මිල අඩු නොකළේ ඇයිද යන්න අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ පසුගිය කාල සීමාවේ ඩීසල් ලීටරයක් අලෙවි කළේ රුපියල් 30ක පාඩුවක් සහිතව බවයි.

එබැවින් ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ගණන් අඩු වුවද මෙම අවස්ථාවේදී ඩීසල් මිල සදහා සහනයක් ලබාදීමට නොහැකි වූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. 

අඩු ආදයම්ලාභීන්ට භූමිතෙල් සදහා සහනාධාරයක් ලබාදෙන බවට මීට පෙර ප්‍රකාශ කළත් මේ දක්වා එවැනි සහනයක් නොලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් එහිදී ප්‍රශ්න කළා.

අමාත්‍ය කංචන විජේසේකර ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.