Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ආසියනු කුසලානයේ දෙවන තරගයත් ජය ගනියි




මෙවර ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණ අත්කර ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. ඒ, ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කරමින්.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 181ක් රැස් කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට මැලේසියා කාන්තා කණ්ඩායම පන්දුවාර පහයි පන්දු දෙකකදී කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 16ක් පමණයි.