Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය වරද පිළිගනී




අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට අධිකරණය වෙත යෑමට නොහැකිවීම සම්බන්ධයෙන් රටේ සියලුම ජනතාවට සිය කනගාටුව ප්‍රකාශ කරන බව කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය අද (15) පැවැත් වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළා. ඒ, අදාළ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකිරීමෙන් තමන් වරදක් කළ බවද පිළිගනිමින්.

සිදුවූ වරද නිවැරදි කරගැනීම සඳහා අදාළ කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය අපේක්ෂාවෙන් සිටි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ප‍්‍රමාණවත් කාලයක් නොලැබීම නිසා එය ද මගහැරී ගිය බවයි කෙහෙළිය රඹුක්වැල්ල මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.