Tuesday, May 20, 2025

General line - 0115112241

ගෑස් මිල ගැන තීරණය අද



ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ එලෙස අඩු කෙරෙන මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි.

මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කෙරෙන මිල සංශෝධනයට අනුව මෙලෙස ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතයි.

මිල සංශෝධනයට අනුව පසුගිය මැයි මාසයේද ගෑස් මිල ගණන් අඩු කළ බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.