දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් කැපවෙන ප්‍රමුඛතම සන්නාමයක් වන ඩෙන්ටා සිය සුවිශේෂී “වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය” වැඩසටහන යටතේ සිසු සිසුවියන් 105,892 අධික පිරිසකට ප්‍රතිලාභ හිමිකර දී තිබෙනවා.
දිවයින පුරා පාසල් ආවරණය වන පරිදි දන්ත සායන කඳවුරු හරහා දත් රෝග හා ඒවා වැළැක්වීම පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට ඒ යටතේ කටයුතු කර ඇති බවයි එම ඩාලි බට්ලර් සමාගම පැවසුවේ.
ඒ අනුව මේ වන විට බස්නාහිර පළාතේ පාසල් 135ක මෙන්ම උතුරුමැද පළාතේ පාසල් 37ක්ද ඇතුළත්ව පාසල් 172කට ආසන්න සංඛ්‍යාවක දන්ත සෞඛ්‍ය සායන දැනුවත් කිරීම් හා සම්මන්ත්‍රණ සංවිධාන කිරීමට කටයුතු කර තිබෙනවා.
නොමිලේ දන්ත සායන පැවැත්වීමෙන් නොනැවතී දන්ත සෞඛ්‍ය පිළිබඳ දැනුම, ඊට අවශ්‍ය උපකරණ ලබා දෙමින් සෞඛ්‍ය පිළිබඳ මෙන්ම පාරිසරික තිරසරභාවය පිළිබඳ පාසල් සිසුන් දිරිගැන්වීමටද අපේක්‍ෂා කරන බවයි ඩාලි බට්ලර් සහ සමාගම් පුද්ගල ආරක්‍ෂණ පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී ගෆාර් ගවුස් මහතා පැවසුවේ.