2025 වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් පත්කිරීම අද සිදු වුණා.
ඒ එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදීයි.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වුණා.
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී සිය සුබපැතුම් පිරිනමා තිබෙනවා.
කොට්ඨාශයේ සංවිධායක ලෙස හෝ දිස්ත්‍රික් සංවිධායක ලෙස සිය වගකීම් ඉටු කරන ලෙසට ඔහු එහිදී සංවිධායකවරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද සහභාගී වුණා.
පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බලවත් බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.