Saturday, May 3, 2025

General line - 0115112241

නොවැම්බර් දෙසැම්බර් කාලය ලංකාවට එතරම් හොඳ කාලයක් නෙමෙයි - වජිර කියයි



හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ දින ගාල්ල දිස්ත්‍රික්කයේ  පැවැති ජන හමුවකදී රැස්ව සිටි ජනතාව සදහා කළ අදහස් ප්‍රකාශය පහතින්.

මීට අවුරුදු දෙකකට කලින් මේ රට බිංදුවට වැටුණා. මහජනයා එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයත් බිමට දැම්මා. අපිට තිබුණේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ආසනයයි. ඒ වෙලාවේ මම මූලික වෙලා යෝජනාවක් සම්මත කරලා කිව්වා, ඒ මන්ත්‍රී ආසනයට අපි යවන්න ඕන අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කියලා. එතකොට මගෙන් ඇහුවා එතුමාව පාර්ලිමේන්තු යවන්නේ විපක්ෂ නයක කරන්නද කියලා. මම කිව්වා අපි එතුමාව පාර්ලිමේන්තුවට යවන්නේ වැඩ රට ගොඩන්න අගමැති කරලා ජනාධිපති කරන්න කියලා. එවිටත් මහජනයා හිනා වුණා. කොහොම නමුත් අපි එතුමාව පාර්ලිමේන්තු යවලා අගමැති කරලා ජනාධිපති කරලා වැටුණු රට ගොඩගත්තා.

කොහොම වෙතත් ඊළඟට අපේ රට ජනතාව කියන්න ගත්තා රනිල් රාජපක්ෂ කියලා. හරිම ශෝක් වඩේ. අපිද හැදුවේ රාජපක්ෂ මහත්තයලව? රාජපක්ෂ මහත්තයව හැදුවේ වර්තමාන ආණ්ඩුව. අපි නෙමෙයි. අපි කිව්වා 2005 මැතිවරණයේදී රනිල් මහත්තයව දාලා එයාව දිනවන්න කියලා. වර්තමාන ආණ්ඩුව කිව්වා, බෑ.. බෑ.. රනිල් මහත්තයට උදව් කරන්න බෑ. අපිට ඉන්න හොඳම නායකයා මහින්ද මහත්තයා, ඒ නිසා එයාව දිනවන්න කියලා. ඇත්තම කිව්වොත් රනිල් රාජපක්ෂ කියලා නෙමෙයි කියන්න ඕන. අනුර රාජපක්ෂ කියලා. අපි නෙමෙයිනේ මහින්ද මහත්තයට ඡන්දේ දුන්නේ. හැබැයි අපි එක දෙයක් කලා. ඒ තමයි අපේ මිතුරා සතුරා වුණාම, අපි සතුරා එක්ක එකතු වෙලා අපිට හතුරු වුණු මිතුරව පරාජය කළා.

කොහොමද අපි ඒක කළේ.. අපි මහින්ද මහත්තයගේ ඡන්ද ටික රනිල් මහත්තයට දා ගත්තා. ඒ ගොල්ලන්ට හොඳයි මහින්ද මහත්තයට ඡන්දේ දෙන්න. අපි ඒ ඡන්ද ටික ගත්තම අපි වැරදියි. මේක හරි හතරබීරී කතාවක්නේ. ඒක නිසා ඔබ මේ අය කියන කතා අහනකොට හරි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මොකද ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍යයයි. ගාල්ලේ ඉදලා නැහැ බොරු කියන කට්ටිය.

දැන් බලන්න පහුගිය කාලේ ලංකාවට මොන තරම් ලැජ්ජවාක් උනාද කියලා. මොකද ඒ? රිලවෙක් පැනලා ලංකාවටම ලයිට් ගියා කිව්වා. මන් හිතන්නේ මේ වගේ බොරුවක් ඉස්කෝලේ යන ළමයෙක්වත් කියන්නේ නැහැ. පානදුර විදුලි උප පොළේ ආරක්ෂක නිලධාරියා කිව්වා රිලව පැන්නට ලයිට් යන්නේ නෑ කියලා. මම දැක්කා මේ පුවත රාත්‍රියේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරපු විදිහ. බලන්නකෝ ලංකාවට වුණ ලැජ්ජාව.

ගාල්ල කියන්නේ බොහොම වැදගත් තැනක්. ගාල්ල හිටියා දහනායක මහත්තයා. කාටවත් යටත් වුණේ නැහැ. දහනායක මහත්තයා මුළු පාර්ලිමේන්තුවම යටත් කර ගත්තා මිසක් දහනායක මහත්තයා කාටවත් යටත් වුණේ නැහැ. අපි ඒ ගෞරවය තියලා වැඩකරන්න තිබෙනවා. බලන්නකෝ දැන් දෙසැම්බර් මාසය වනවිට ඔබේ ලයිට් බිලට යන කලදසාව. ඔබ හිතයි මම මේවා කියන්නේ ඡන්දය ගන්න කියලා. නමුත් ඇත්ත කාරණාව මම දන්න ආර්ථික විද්‍යාව අනුව නම් නොවැම්බර් දෙසැම්බර් කාලය වනවිට ලංකාවේ ආර්ථිකය වැටෙනවා. නමුත් ඔබ බය වන්න එපා. ලංකාව වැටෙනකොට අපි බලාගන්නවා. ඒකට අපිට මන්ත්‍රීකමක් අවශ්‍ය වන්නේ නැහැ. මන්ත්‍රීකම තිබුණත් බලාගන්නවා. නොතිබුණත් බලාගන්නවා.

දැන් අපි බලමු රට වැටෙනකොට මෙයාලා මොනාද කියන්නේ කියලා. දැන් පොල් ගෙඩියක ගාන රුපියල් 250 ක් විතර වෙනවා. ආණ්ඩුව කියනවා පොල් ගණන් ගියේ රිලව් හින්දලු. පොල් ගණන් ගියේ රිලව් හින්දා නෙමෙයි. රිලව්න්ගේ පාඩුවේ රිලව්න්ට ඉන්න අරින්න. පොල් ගෙඩිය රුපියල් 80ට තියනකොටත් රිලව් හිටියා. අපිට කිව්වා හොරු කියලා. හොරු මේ රට පාලනය කරනකොට පොල් ගෙඩිය රුපියල් 80 යි 100යි. හොරු නොවන අය දවස් 77ක් මේ රට පාලනය කරනකොට පොල් ගෙඩිය රුපියල් 200 යි 250යි. 

හරි අපි හිතමුකෝ ඒ ප්‍රශ්නේ ආවේ රිලව් කාප නිසාමයි කියලා. එතකොට මෝටර් සයිකලුත් රිලව් කෑවද? මෝටර් සයිකල් අවුරුදු 40 ක් පුරාවට අපි ලක්ෂ දෙකයි දෙක හමාරයි අතරේ තියාගෙන හිටියා. මේ අය අරගෙන දවස් 77යි ගියේ මෝටර් සයිකලේ ලක්ෂ 10යි 12යි. ඉතින් මේ ගාණට මෝටර් සයිකල් ගියේ රිලව් කාලද? ඒ කාලේ ලමයෙක් රස්සාවට යන්න මෝටර් සයිකලයක් ගත්තේ අතින් ගාණක් දාලා පොඩි ගාණක් ෆිනෑන්ස් දාලා පොඩි ගණක් පඩියෙන් කැපෙන්න. දැන් කොහොමද බයිසිකලයක් ගන්නේ?

ලංකාවට පළවෙනි ත්‍රීවිල් 50 ගෙනත් දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහත්මයා සිරිකොක පක්ෂ මූලස්ථානයේදී. ඒ කාලේ ත්‍රීවිල් එක රුපියල් 50000 යි. අවුරුදු 40 ක් ත්‍රීවිල් එක තියන් හිටියා උපරිම ලක්ෂ 7යි 8යි. දවස් 77 ය ත්‍රීවිල් එක ලක්ෂ 20යි. මේක මේ රිලව්න්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඡන්ද දායකයෝ කරන වැරැද්දක්. මොකද්ද ඒ වරද? පළපුරුද්දක් නැති අයට රට බාරදුන්නම මේ දේ තමයි වෙන්නේ.

පන්තියේ අදක්ෂ ළමයෙක්ට පුලුවන් කාගෙන් හරි කොපි කරන්න. හැබැයි එයාට ඊට වැඩිය දෙයක් කරන්න බැහැ. දැන් මේ ආණ්ඩුවට පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයව කොපි කරන්න. හැබැයි එතැනින් එහාට දෙයක් කරන්න බැහැ. මොකද එයාට පුලුවන් කොපි කරන්න විතරයි. ඉතැනින් එහාට කරන්න දෙයක් එයා දන්නේ නෑ.

අපිට ගාල්ල නගර සභාව ඉතා වැදගත්. ඒ නිසා ගාල්ලේ ජනතාව ඉතා කල්පනාවෙන් වැඩ කළ යුතුයි. මට පළාත් පාලන ඇමතිකම තියෙන කාලේ ලංකාවේ පළාත් පාලන ආයතන 300 ගාණටම වාහන ගෙනත් බෙදලා දුන්නා. ඇතැම් ප්‍රාදේශීය සභාවල් නගර සභාවල් UNP නෙමෙයි. ඒවා තිබුනේ වෙනත් දේශපාලන පක්ෂවලට. රටක් කරනකොට අපිට පක්ෂ බේද තියාගන්න බැහැ. මොකද මම මේ කතාව කිව්වේ, මට ඇහුණා මේ ආණ්ඩුව කියනවා පළාත් පාලන ආයතන එයාලට දුන්නේ නැතිනම් සල්ලි දෙන්නේ නෑ කියලා. ඒක මම අරන් දෙන්නම් ඒ ගැන කලබල වෙන්න එපා. ඒක ගන්න හැටි මම කියලා දෙන්නම්. මේ අයට ඒවා තේරෙන්නේ නෑ. ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නෑ. මේවා ඒ අයගේ සල්ලි නෙමෙයි. ගාල්ල නගරයේ බදු ගෙවන සල්ලි ඒ අයට නොදී අරින්න බැහැ. එහෙම පශ්නයක් ආවොත් මගේ ගානේ මම නඩුවක් දාලා දෙන්නම්. ඒ නිසා මේවට ඔයාලා කලබල වෙන්න එපා. මම දන්නවා ඒ අයට එහෙම කරන්න බෑ. මම ඒ විශය බාරව හිටපු ඇමති.

ඒ නිසා ඔබ කල්පනාවෙන් වැඩ කරන්න. මේ මැයි 6 වෙනිදා ඉතා වැදගත්. මැයි 6 වෙනිදා ඡන්ද පොළට ගියාම ඔබ කල්පනාවෙන් තීන්දුව ගන්න ඕන. ඒක තමයි මට ඔබට විශේෂයෙන්ම මතක් කරන්න තිබෙන්නේ. මොකද නුදුරේදීම රට වැටෙනවා, රට වැටුණම ඔබ වැටෙනවා. ඒක සහතිකයි. ඒකට දැන් අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න පුලුවන් දේ තමයි මේ අය මේ රට වැට්ටුවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතුවෙලා ඔබව නැගිට්ටවලා ඔබව ශක්තිමත් කරන එක. ඒක අපි කරලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. වැටෙන එක නවත්තන්න බැහැ. අපි මේ කතා කරන මෙහොතෙත් මේ රට වැටෙමින් තිබෙන්නේ.

මම දැක්කා ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාව. මම දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක. මම දැක්කා ලෝක බැංකුව කියන එක. ඇයි? රනිල් මහත්තයා අමාරුවෙන් හදපු රට බිම දාගෙන බිම දාගෙන යනවා. එතකොට ඔබ වැටෙනවා.

මට ගාල්ල නගරයේ කොහෙවත් පෙට්ට්‍රල් ශෙඩ් එකක් නැහැ. මම කොහෙවත් වයින් ස්ටෝර්ස් එකක් කරන කෙනෙකුත් නෙමෙයි. මම කොහෙවත් හෝටලයක් කරන්නෙත් නැහැ. මම ෆුල් ටයිම් දේශපාලනඥයෙක්. මගේ යුතුකම තමයි මේරටේ මහජනයා බලාගන්න එක. ඔබ ඡන්දය දුන්නත් මම ඔබව බලාගන්නවා. ඔබ ඡන්දය නොදුන්නත් මම ඔබව බලාගන්නවා.

බොරුව හැමදාම ඉදිරියට ගෙනියන්න බැහැ. අපේ ආගම අනුව බොරුවක් කියන්නෙම මහා විනාශයක්. දැන් ඔබට බොරු කිව්වා. ඔබ ඒ බොරුවලට රැවටුණා. දැන් ඉදිරියට මහා විනාශයක් සිදුවීමට නියමිතයි. එයින් ඔබව ගලවා ගැනීම තමයි එක්සත් ජාතික පක්ෂයේ යුතුකම. එය අපි ඕනෑම වෙලාවක ඉෂ්ඨ කරනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.