Saturday, May 3, 2025

General line - 0115112241

යුද සමයේ LTTEයෙන් සොයා ගත් රත්‍රං තොගයක් ස්වර්ණාභරණ අධිකාරියට



යුද්ධය පැවති සමයේදී කොටි සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ මෙහෙයුම් අතරතුරදී සොයා ගත් ආභරණ සහ රත්‍රං තොගයක් අද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දී තිබෙනවා.

ඒ, පූර්ණ පොලිස් අධීක්‍ෂණය යටතේයි. 

අදාළ රත්‍රං තොගය යුද හමුදාවෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරා ගත් නීතිමය තත්ත්වය පිළිබඳව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙලෙස මහතා කරුණු පැහැදිලි කළා.