Saturday, May 3, 2025

General line - 0115112241

අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගැනීම සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ විමර්ශනයක්



ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය සඳහා එක්වීමට පැමිණි පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්න මාර්ගයේ බස් රථ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස අධිවේගයේ නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අධිවේගී මාර්ග පොලීසිය පැවසුවා. 

රථ වාහන නීතිය යටතේ අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම් ක්‍රියාවක් වනවා. 

අධිවේගී මාර්ගයේද හදිසි මංතීරුවේ වාහන නතර කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් බවයි අධිවේගී මාර්ග පොලීසිය පැවසුවේ.
 

කෙසේවෙතත් අදාළ බස් රථ එම ස්ථානයේ නතර කර ඇත්තේ වැලිපැන්න සේවා කලාපයේ රථ ගාලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බවද වාර්තා වනවා.