Sunday, May 4, 2025

General line - 0115112241

අවසන් පැය කිහිපයේ ගෙයින් ගෙට යන්න අපේක්‍ෂකයින්ගේ වැඩි අවධානයක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. 

ඒ හේතුවෙන් සියලුම දේශපාලන පක්ෂ අවසන් පැය කිහිපය තුළ සිය ප්‍රචාරණ යාන්ත්‍රණය වඩාත් තීව්‍ර කර ඇති බවයි වාර්තා වන්නේ. 

එහිදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. 

මාසයකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ සිය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල සාර්ථකත්වය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා මෙලෙස අදහස් දැක්වුවා.


සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ ගෙයින් ගෙට යාමේ සහ කුඩා රැස්වීම් සඳහා වැඩි අවධානයක් ලබා දී ඇති බවයි. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.