මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජයන් සමඟ සිදුකල රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුවයි.
අදාළ තරුණයන් පිරිස මියන්මාරයේ, මියවැඩි නැමති ප්‍රදේශයේ පිහිටි සයිබර් කඳවුර තුළින් මුදාගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබෙනවා.
ඉන්අනතුරුව ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එලෙස රැගෙන ආ තරුණයන්ගේ නිශ්කාශන කටයුතු නිමා කිරීමෙන් පසු ගම්බිම් බලා යාම සඳහා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළෙන් නිදහස් කර තිබෙනවා.