ඉන්දියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පාකිස්ථානය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු තුනක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දීය හමුදා විසින් අද අලුයම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් පාකිස්ථානය මේ වන විට සිය ගුවන් අවකාශය තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙනවා.
එමෙන්ම ඉන්දියාව ද ලබන 15 වනදා දක්වා එරට උතුර සහ බටහිර ප්‍රදේශවල ගුවන්තොටුපළ 32ක් වසාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසූවේ.
ඒ, පාකිස්ථානයෙන් යම් ප්‍රහාරයක් එල්ල වේ යැයි අනුමාන කරමින්.
කෙසේවෙතත් ඉන්දියාවේ ස්ථාන 26ක් ඉලක්ක කර ගනිමින් පාකිස්ථානය විසින් ඊයේ රාත්‍රියේ ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.