Sunday, June 1, 2025

General line - 0115112241

පකිස්තානයේ ප්‍රහාරවලට චීනයත් ගෑවෙයි



චීන ජෙට් යානා ඉන්දියා-පකිස්තාන ගැටුමට සම්බන්ධ බව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර නොදක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් පවසා ඇත්තේ  එම කාරණය ගැන නොදන්නා බවයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මේ බව කියා සිටියේ බීජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය.

ඉන්දියාවේ මිලිටරි ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට චීන ප්‍රහාරක ජෙට් යානා යොදාගත් බවත්, එහි ක්‍රියාමාර්ගය පිළිබඳව බීජිනය සම්පූර්ණයෙන්ම දැනුවත් කළ බවත් මීට පෙර වාර්තා පළ විය.

ප්‍රංශයේ නිෂ්පාදිත රෆාල් ජෙට් යානා ඇතුළු ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් දේශසීමා ඔස්සේ බිම හෙළීමට චීන ජේ-10සී ජෙට් යානා යොදා ගත් බව පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ බව පාකිස්තානයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය ඔහු උපුටා දක්වමින් පැවසීය. 

චීනයේ නිෂ්පාදිත ජෙට් යානා භාවිතා කිරීම පකිස්තානය තහවුරු කර ඇත්දැයි ඇසූ විට, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නොදන්නා බවයි.