Monday, May 12, 2025

General line - 0115112241

මහජන ආරක්‍ෂක ඇමතිගේ ප්‍රකාශයට පොහොට්ටුවෙන් සහ සජබෙන් උත්තර



මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් 34 දෙනෙකු විවිධ අපරාධවලට මහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 

එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ වැඩි අපේක්‍ෂකයින් සංඛ්‍යාවක් ඒ අතර සිටින බවයි. 


ඊට ප්‍රතිචාර දක්වමින් පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේ එවැනි අපරාධ සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපේක්‍ෂකයින් තම පක්ෂයෙන් ඉදිරිපත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. 


අදාළ චෝදනාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද මෙලෙස අදහස් පළ කළා.