Wednesday, May 21, 2025

General line - 0115112241

ඉන්දියාවෙන් පකිස්තානයට තවත් චෝදනාවක්



පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස සින්දූර් මෙහෙයුමේදී මෑතකදී මියගිය  ලෂ්කාර්-ඊ-තයිබා සංවිධානයේ  ත්‍රස්තවාදී අබ්දුල් රවුෆ්ගේ අවමංගල්‍ය උත්සවයට පාකිස්තානයේ ඉහළ පෙළේ හමුදා සහ පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටි බව සැලකිය යුතු හෙළිදරව්වකින් ඉන්දීය බුද්ධි අංශ හඳුනාගෙන තිබේ.

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන LeT හි ප්‍රසිද්ධ අණදෙන නිලධාරියෙකු වන සහ ඉන්දියාවට එරෙහි දේශසීමා ත්‍රස්ත මෙහෙයුම් වලට දැඩිව සම්බන්ධ යැයි විශ්වාස කරන අබ්දුල් රවුෆ් පසුගිය සතියේ සින්දූර් මෙහෙයුමකදී මිය ගියේය. 

පාකිස්තානයේ පැවැති ඔහුගේ අවමංගල්‍යයට පාකිස්තානයේ හමුදා සහ දේශපාලන කවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් නිකුත් කරන ලද විශ්වසනීය බුද්ධි වාර්තාවලට අනුව එම අවමංගල්‍ය උත්සවයට පැමිණ සිටි පකිස්ථාන නිලධාරීන් අතර ලුතිනන් ජෙනරාල් ෆයාස් හුසේන් මේජර් ජෙනරාල් රාඕ ඉම්රාන්, බ්‍රිගේඩියර් මොහොමඩ් ෆුර්කාන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ආචාර්ය උස්මාන් අන්වර් සහ පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්ත සභාවේ මලික් සොහයිබ් අහමඩ් ද වේ.